2023 වර්ෂයේ නව සභාපති ලෙස පත් වූ සභාපතිතුමියගේ ඉල්ලා අස්වීමත් සමග ඇති වූ ව්‍යාකූල තත්ත්වය මත එවකට සිටි පාලක මණ්ඩල සභිකයන්ගේ ධූරයන්හි වෙනස්කම් කීපයක් සිදුවිය. ඒ අනුව උප සභාපති තනතුර ද 2025 මහා සභා වාරය තෙක් පැවත අවුත් මෙවර නිලවරණයට නාමයෝජනා කැදවීමට නියමිතව තිබිණි. එහෙත් සිදු වු අතපසුවීමක් හේතුවෙන් මෙවර නාමයෝජනා කැඳවීමට එය ඇතුළත් ව නොතිබිණි. එහෙයින් මෙම අතපසුවීම මගහරවා මෙවර උප සභාපති තනතුර සඳහා ද නාමයෝජනා කැදවීමට තීරණය කර ඇත. ඒ අනුව 2025/03/24 දිනට ප්‍රථම උප සභාපති තනතුර සඳහා ඔබට ඉල්ලුම් කළ හැකි බව මෙයින් කාරුණිකව දන්වා සිටිමු.
මීට අමතරව පාලක සභාවේ නාම යෝජනා කැඳවා ඇති අනෙක් තනතුරු සඳහා ද නාම යෝජනා භාර ගන්නා අවසන් දිනය 2025.03.21 දක්වා දීර්ඝ කර ඇති බව වැඩිදුරටත් කාරුණිකව දන්වමු.
මෙයට,
සමලේකම්වරු.