Skip to content

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ පාලක මණ්ඩලය විසින් කරනු ලබන කාරුණික දැනුම් දීමයි

2023 වර්ෂයේ නව සභාපති ලෙස පත් වූ සභාපතිතුමියගේ ඉල්ලා අස්වීමත් සමග ඇති වූ ව්‍යාකූල තත්ත්වය මත එවකට සිටි පාලක මණ්ඩල සභිකයන්ගේ ධූරයන්හි වෙනස්කම් කීපයක් සිදුවිය. ඒ අනුව උප සභාපති තනතුර ද 2025 මහා සභා වාරය තෙක් පැවත අවුත් මෙවර නිලවරණයට නාමයෝජනා කැදවීමට නියමිතව තිබිණි. එහෙත් සිදු වු අතපසුවීමක් හේතුවෙන් මෙවර නාමයෝජනා කැඳවීමට එය ඇතුළත් ව නොතිබිණි. එහෙයින් මෙම අතපසුවීම මගහරවා මෙවර උප සභාපති තනතුර සඳහා ද නාමයෝජනා කැදවීමට තීරණය කර ඇත. ඒ අනුව 2025/03/24 දිනට ප්‍රථම උප සභාපති තනතුර සඳහා ඔබට ඉල්ලුම් කළ හැකි බව මෙයින් කාරුණිකව දන්වා සිටිමු.

මීට අමතරව පාලක සභාවේ නාම යෝජනා කැඳවා ඇති අනෙක් තනතුරු සඳහා ද නාම යෝජනා භාර ගන්නා අවසන් දිනය 2025.03.21 දක්වා දීර්ඝ කර ඇති බව වැඩිදුරටත් කාරුණිකව දන්වමු.

මෙයට,
සමලේකම්වරු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *